අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

දස දිසා පිරිත

දස දිසා පිරිත
Powered by දහම් විල


චූල ජිනපංජරය ලෙස භාවිත කරනු ලබන්නේ දසදිසා පිරිතයි. විවිධ පොත්පත්වල මේ පිරිත විවිධාකාරයෙන් සඳහන් වී තිබුණත් ඒවායෙහි දෝෂ නොමැති බව දැනුමින් පරිපූර්ණ ස්වාමින්වහන්සේ පෙන්වා දී තිබෙනවා. සියලු බුද්ධ යන්ත්‍රවලට වඩා දස දිසා පිරිතෙහි වටිනාකමක් තිබෙනවා. බුදුන්වහන්සේ අසනීප වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ දේශනා කළ පිරිත දස දිසා පිරිත ලෙස හඳුන්වනවා. 

දස දිසා පිරිත බලගතු තත්ත්වයෙන් ඉහළයි. ධම්මෝෂධ සමන් නත්ති, නැතිනම් ධර්මය ඹෟෂධයක් කරගන්න යන බුදු වදනින් සියලු ලෙඩ රෝග, දුක් කරදරවලට බුදු ගුණ භාවිත කිරීමෙන් වඩා ප්‍රයෝජන ගත හැකියි.