අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

මහානුභාව සම්පන්න අටවිසි බුද්ධ පිරිත සහ වන්දනාව


ඒ බුදුවරු ලොව නිවනට වැඩි සේක්මය... සැමදේ ගැන සැබෑ තත්වය විදසුන් කල සේක්මය... ඒ නරෝත්තමයන් වහන්සේලා පිසුනු බස් නොපවසත්මය... මහානුභාව සම්පන්නමය... සසර බිය නැති සේක්මය... 


අටවිසි බුද්ධ පිරිත
Powered by දහම් විල


තණ්හංකරෝ මහා වීරෝ - මේධංකරෝ මහායසෝ
සරණංකරො ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ

කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ක්ඛෝ - මංගලො පුරිසාසභෝ
සුමනො සුමනො ධීරෝ - රෙවතෝ අරති වද්ධනෝ

සොභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සි ජනුත්තමෝ
පදුමො ලෝකපජ්ජොතෝ - නාරදො වරසාරථි

පදුමුත්තරො සත්තසාරෝ - සුමේධො අග්ගපුග්ගලෝ
සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නාරාසභෝ

අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථා අසමෝ ලෝකේ - තිස්සො වරදසංවරෝ

ඵුස්සො වරද සම්බුද්ධෝ - විපස්සී ච අනූපමෝ
සිඛී සබ්බහිතෝ සත්ථා - වෙස්සභූ සුඛ දායකෝ

කකුසන්ධො සත්ථවාහෝ - කොණාගමනො රණංජහෝ
කස්සපො සිරි සම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ

තෙසං සච්චේන සීලේන - ඛන්ති මෙත්තා බලේන ච
තෙපි මං අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛෙන චාති

අට්ඨවීසතිමෙ බුද්ධා - පූරෙත්වා දස පාරමී
ජෙත්වා මාරාරි සංගමං - බුද්ධත්තං සමුපගමුං
ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං

පද විවරණය

1. මහා වීරෝ = මහත්වූ වීර්‍ය ඇත්තා වූ
2. මහායසෝ = මහත්වූ කිර්තිය ඇත්තා වූ
3. ලෝකහිතෝ = ලොවට හිත අත්තා වූ
4. ජුතින්ධරෝ = බබලන්නාවූ
5. ජනපාමොක්ක්ඛෝ = ජනයාට නායක වූ
6. පුරිසාසභෝ = මහත් වූ පෞරෂය ඇත්තා වූ
7. සුමනෝ ධීරෝ = මනාවූ සිහිය ඇත්තාවූ ධෛර්‍යයෙන් යුතු
8. අරති වද්ධනෝ = නො ඇලීම වර්ධනය කරන්නාවූ
9. ගුණසම්පන්නො = ගුණවත් වූ
10. ජනුත්තමෝ = ජනයින්ට උතුම් වූ
11. ලෝකපජ්ජොතෝ = ලෝකය ආලොකමත් කළාවූ
12. වරසාරථි = උතුම් මග පෙන්වන්නා වූ
13. සත්තසාරො = සත්තවයා හරයෙහි ඇලවූ
14. අග්ගපුග්ගලෝ = ශ්‍රේෂ්ඨ පුද්ඝලයා වූ
15. සබ්බලෝකග්ගෝ = සියළු ලොවට අග්‍ර වූ
16. නාරාසභෝ = අති උත්තම මිනිසා වූ
17. කාරුණිකෝ= කාරුණික වූ
18. තමෝනුදෝ = අඳුර දුරුකළා වූ
19. අසමෝ ලෝකේ = ලෝකයේ අසම වූ
20. වරදසංවරෝ = නිවන දීමෙන් සංවර කළා වූ
21. වරද සම්බුද්ධෝ = මනාකොට අවබෝධ කරවූ තැනැත්තා වූ
22. අනූපමෝ = උපමා නැති වූ
23. සබ්බහිතෝ සත්ථා = සියළු සත්වයින්ගේ හිත පිණිස වූ
24. සුඛ දායකෝ = සැපය දෙන්නා වූ
25. සත්ථවාහෝ = උතුම් ශ්‍රාස්තෘවරයානෝ වූ
26. රණංජහෝ = කෙලෙස් දුරු කළා වූ
27. සිරි සම්පන්නෝ = ශ්‍රීයෙන් යුක්ත වූ
28. සක්‍යපුංගවෝ = ශාක්‍ය කුලයේ උපන්නා වූ

මේ කිසිම ගුණයක් එක් බුදු රජානන් වහන්සේ කෙනෙකුට පමණක් සීමා වූ ඒවා නොවේ. සෑම බුදුවරයෙකු කෙරෙහිම මෙම ගුණ ඇත්තේය. ගද්‍යමය තත්වය වර්ධනය කිරීම පිණිස පද පූර්ණය සලකා එක් එක් ගුණ යොදා ඇති සෙයක් පෙනේ.

▬▬▬ අටවිසි බුද්ධ වන්දනාව ▬▬▬

01. දන් පින් බලයෙන් ලොව සෙත සෑදූ
තන්හන්කර මුණි වඳිනෙමි සාදූ

02. පාදන් පෙරහර බුදු බව සෑදූ
මේදන්කර මුණි වඳිනෙමි සාදූ

03. දරුවන් දන් දී මරුවන් පැරදූ
සරණංකර මුණි වඳිනෙමි සාදූ

04. මේ පන් දහසෙන් බුදු ගුණ සෑදූ
දිපංකර මුණි වඳිනෙමි සාදූ

05. පින් බලයෙන් ලොව්තුරු බව සෑදූ
කොණ්ඩඤ්ඤය මුණි වඳිනෙමි සාදූ

06. පින්කළ සතහට මොක්සුව සෑදූ
මංගල මුණි රජ වඳිනෙමි සාදූ

07. නිවන ලබා ගන්නට මග සෑදූ
සුමන මුනිදූ වඳිනෙමි මම සාදූ

08. පාමෙන සතහට මොක් මග සෑදූ
රේවත මුණි රජ වඳිනෙමි සාදූ

09. ලෝසත සසරින් ගොඩකල සෑදූ
ලෝහිත මුණිරජ වඳිනෙමි සාදූ

10. දෙනෝ දහක් දන හට සෙත සෑදූ
අනෝම දස් මුණි වඳිනෙමි සාදූ

11. සුදුම සුදේ බුදු - රැස් ලොව විහිදූ
පදුම මුනිදූ වඳිනෙමි නිති සාදූ

12. බෝරද මුලදි මරසෙන් පැරදූ
නාරද මුනිරජ වඳිනෙමි සාදූ

13. හදවත් මෙත් සිසි ලෙන් නිති සේදූ
පදුමුත්තර මූණි වඳිනෙමි සාදූ

14. විවාද දුරු කොට මොක් මඟ සෑදු
සුමේද මුණිරජ වඳිනෙමි සාදූ

15. නිවාන ගුණ ලොව ඇති කළ සාදූ
සුජාත මුණිරජ වඳිනෙමි සාදූ

16. බලවත් වී ආ මරබල පැරදූ
පිදස්සි මුණි වඳිනෙමි සාදූ

17. නිත්‍ය සුවය නිවනට මග පෑදූ
අත්ථදස්සි මුණි වඳිනෙමි සාදූ

18. ධම්ම බලෙන් ලොව සුබ සෙත සෑදූ
ධම්මදස්සි මුණි වඳිනෙමි සාදූ

19. බුදු පුත් ඇති කොට ලොව සෙත සෑදූ
සිදුහත් මුණිරජ වඳිනෙමි සාදූ

20. ලක්ෂ ගණන් සතහට සෙත සෑදූ
තිස්ස මුණිදූ වඳිනෙමි සාදූ

21. රැස්ව සිටිය මර බලසෙත් පැරදූ
ථුස්ස මුනිදූ වඳිනෙමි මම සාදූ

22. තපස් ගුණය ලොව සැම තැන විහිදූ
විපස්සි මුණිරජ වඳිනෙමි සාදූ

23. කිපි පැමිණි වසවත් බල පැරදූ
සිබි මුණිදූ වඳිනෙමි මම සාදූ

24. තිස්සෙම සතහට මෙත් කල සාදූ
වෙස්සඟු මුණිරජ වඳිනෙමි සාදූ

25. ඉර සඳ මෙන් ලොව බුදු බල විහිදූ
කකුසඳ මුණිරජ වඳිනෙමි සාදූ

26. පානා මෙත් සිසිලෙන් සෙත සෑදූ
කෝණාගම මුණි වඳිනෙමි සාදූ

27. විස්මිත බුදු බල ‍ලොවටම විහිදූ
කස්සප මුණිරජ වඳිනෙමි සාදූ

28. සව් සත වෙත මෙත් ගුණ පෑ සාදූ
ගෞතම අප මුණි වඳිනෙමි සාදූ

තෙරුවන් සරණයි !