අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

වට්ටක පිරිත

රෝග බිය දුරු කරවන වට්ටක පිරිත

Powered by දහම් විල


ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබන්න පෙර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී දම් පිරුවා. ඒ එක් ආත්ම භවයකදී අප මහා බෝසතාණන් වහන්සේ වටු කුලයක ඉපදුණා. විශාල ගස්වලින් වටවුණු වනයක් මැද්දේ මේ පුංචි වටු කුරුලු පැටියා ජීවත් වුණේ අම්මයි තාත්තයි ලොකු ගහක් මුදුණේ හදපු කූඩුවක.
ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබන්න පෙර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී දම් පිරුවා. ඒ එක් ආත්ම භවයකදී අප මහා බෝසතාණන් වහන්සේ වටු කුලයක ඉපදුණා. විශාල ගස්වලින් වටවුණු වනයක් මැද්දේ මේ පුංචි වටු කුරුලු පැටියා ජීවත් වුණේ අම්මයි තාත්තයි ලොකු ගහක් මුදුණේ හදපු කූඩුවක.
දවසක් අවාසනාවකට වගේ මේ මහ වනයේ ළැව් ගින්නක් ඇතිවුණා. පොළොවෙන් උඩට නඟින ගිනිදැල්වලට වනාන්තරයේ ගස් කොළන් විතරක් නොවේ සතා සිවුපාවා පවා හසුවෙලා මිය ගියා. ගහ උඩ කූඩුවට වෙලා පුංචි වටු කුරුලු පැටියා මේ හැමදේම බලන් හිටියා. වටු අම්මයි, තාත්තයි තමන්ගේ පණ බේරාගන්න මේ පුංචි වටු කුරුලු පැටියව තනි කරලා අෑතට පියාඹලා ගිහින්. මේ වටු කුරුලු පැටියාට දැනුණා තව ටික වෙලාවකින් මේ ගින්නට අහුවෙලා මටත් පිලිස්සෙන්න වෙනවා කියලා. මේ පුංචි කුරුලු පැටියා අධිෂ්ඨාන කළා තමන්ගේ ජීවිතේ බේරෙන්න කියලා. පියාඹන්නවත් අත්තටු හයිය නැති මේ කුරුලු පැටියගේ අධිෂ්ඨානය අනිත් හැමදේටම වඩා ශක්තිමත් වුණා. මුළු වනාන්තරයම ගින්නට අහුවෙද්දී මේ වටු කුරුලු පැටියගේ කූඩුව තිබුණ ගහ විතරක් ඉතුරු වුණා. එදා ඒ වටු කුරුලු පැටියා කරපු අධිෂ්ඨානය පිරිත් පොතේ වට්ටක පිරිත කියලා ඇතුළත් වෙලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ පිරිත් ගාථා...
පුරෙන්තං බෝධි සම්බාරේ
නික්ඛත්තන් වට්ටක ජාතියං
යස්ස තේජෙන බාවග්ගි
මහා සන්තං දීවජ්ජධී
තේ රස්ස සාරිපුත්තස්ස
ලෝකනාථෙන භාසිතං
කප්පත්තායී මහා තේජං
පරිත්තං තං වනා මහේ
අත්ථි ලෝකේ සීල ගුණෝ
සච්චං සොවේ‍යය නුග්දයා
තේන සච්චේන කාහාමි
සච්ච කිරිය මනුත්තරං
ආවජ්ජිත්වා ධම්ම බලං
සාරිත්වා පුබ්බකේ ජිනේ
සච්ච බල මපස්සාය
සච්ච කිරියං ආකාසහං
සන්ති පක්කා අපතනා
සන්නි පාදා අවච්චනා
මාතා පිතංච නික්ඛන්තා
ජාතිවේද පටික්කම
සග සච්ච කතේ මයිහං
මහා පජ්ජලතෝ සිඛි
වජ්ජේසි සෝලස ක රිසානි
උදකං පත්වා යථා සිඛි
සච්චේන මේ සමෝ නත්ථි
ඒසා මේ සච්ච පාරමී
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි මේ හෝතු සබ්බදා
(තමන්ට කියන විට "මේ" යන්නත් තමන් විසින් අනුන්ට කියන විට "තේ" යන්නත් යොදන්න.
පිරිසුදුව පෙරාගත් වතුර භාජනයක් හරි පිරිසුදු නූලක් හරි අරගෙන මේ ගාථාවලින් 108 වාරයක් පිරිත් කරගෙන උණට, බඩේ දැවිල්ල රෝගීන්ට, පිලිස්සුම් තුවාලවලට වස විස උපද්‍රව, ගිනි බිය, මානසික අසහනය වැනි දේවල්වලට ප්‍රතිකාරයක් සහනයක් විදියට යොදාගන්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට නම් පිරිසුදු එළඟිතෙල් අරගෙන 108 වාරයක් මේ ගාථාවලින් පිරිත් කරවා දවසට තේ හැන්ද බැගින් උදේ හවස බොනවනම් ගැස්ට්‍රයිටීස් සුව කරගන්න පුළුවන්.
හැබැයි මේ පිරිත් ගාථාවලින් වැඩ ගන්න ඉස්සෙල්ලා හොඳට පිරිසුදු වෙලා බුදුන් වැඳලා පන්සිල් සමාදන් වෙන්න ඕනේ. මේ පිළිවෙත් කරන කාලසීමාවේදී මස් මාළුවලින් තොර වෙන්න පුළුවන්නම් ඒක තවත් වටිනවා.
කඹුරුපිටියේ-සුගතදාස
හේෂාණි රත්නායක